Gossips

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මානුෂිය මෙහෙයුමක්

මැලේසියානු නාවික හමුදාවට අයත් කස්තුරි නෞකාවේ සිටි රෝගාතුර නාවික වෛද්‍යවරයෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (30) ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.
ඒ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට සිදු කරන ලද දැනුම් දීමකට අනුවයි.
ඒ අනුව නාවික හමුදාව රෝගී වූ නාවිකයා ගොඩබිමට රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා එම නාවිකයා පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර ඇතැයි සඳහන්.

rn