Gossips

වැල්ලවායේදී ලංගම බස් රථ රියදුරෙකුට ප්‍රහාරයක්

වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පළ භූමියේදී පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු විසින් ලංගම බස් රථ රියදුරෙකුට යකඩ මුගුරකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
ඊයේ (29 ) දහවල් මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ලංගම බස් රථ රියදුරු වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, ලංගම බස් රථ රියදුරාට පහරදෙන ආකාරය ඒ අසල සිටි අයෙකු ජංගම දුරකතනයෙන් රූගත කර තිබුණා.