Gossips

අස්ගිරි පාර්ශවයෙනුත් සිහි කැඳවීමක්

බුදු දහමට සිදුවන අගෞරව සැළකිල්ලට ගෙන වෙසක් සුබපැතුම් පත් මුද්‍රණය කිරීම තහනම් කරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කළා.
ඒ, මහනුවරදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ශ්‍රී ලංකාවේ යුක්තියේ කථාව නම් ග්‍රන්ථයක පිටකවරය සඳහා ශ්‍රී දළදා මාළිගාවේ ඡායාරූපයක් යොදාගනිමින් අගෞරවයක් සිදුකර ඇති බවට ධර්මාචාර්ය පූජ්‍ය කන්දේවෙල නාරද හිමියන්, අද අස්ගිරි මහ නාහිමියන් බැහැදැක කරුණු පැහැදිළි කර සිටියා.