Gossips

මවක සහ දරුවන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට 6 ක් අත්අඩංගුවට

මන්ත්‍රකරුවන් බව පවසමින් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ මවක සහ දරුවන් සිව්දෙනෙකු ඝාතනය කර ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය පොලීසිය සඳහන් කර ඇත්තේ.
මෙහිදී ඝාතනයට ලක්වූ දරුවන් අවුරුදු එක, හතර, හත සහ දොළහ යන වයස්වල පසුවුණා.
මෙම ඝාතනයටද මන්ත්‍රකරුවන් පිරිසක් සම්බන්ධ බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.