Gossips

වෛද්‍යවරයෙක් තමන් දුෂණය කළ බව පවසමින් තරුණියක් සියදිවි හානි කරගනී

හැටන් ඩන්බාර් ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කළ තරුණියක් සියදිවි හානි කරගෙන තිබෙනවා.
පසුගිය 27 වැනිදා මෙලෙස මියගොස් ඇත්තේ හැටන් යොක්ස් පොට් වත්තේ පදිංචි 22 හැවිරිදි තරුණියක්.
ඇය අධි මාත්‍රාවෙන් ඖෂධ භාවිතා කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී තිබෙනවා.
ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මරණය සැක සහිත බවයි.
ඊට හේතුව වී ඇත්තේ ඇය මිය යාමට පෙර ජංගම දුරකථනයේ පටිගත කර තිබු හඬ පටයක් හේතුවෙන්.
එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ " වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා මාත් සමඟ වැරදි විදියට හැසිරුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ පවුලේ අය මට ගොඩක් චෝදනා එල්ල කරා. ඒකේ දුකට මම ගොඩක් බෙහෙත් බිව්වා. මේ සිද්ධියෙන් කාටවත් මාව බේර ගන්න බැහැ. මගේ මරණයට ඒ වෛද්‍යවරයා හැර වෙන කිසිකෙනෙක් සම්බන්ධ නැහැ".
කෙසේ වෙතත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ ඇය දුෂණය කර නොමැති බවත්, අධි මාත්‍රාවෙන් ඖෂධ ගැනීම හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි.
මේ අතර තරුණියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සොහොයුරා පවසන්නේ " පසුගිය 27 වැනිදා රෑ 9.40ට වගේ ඇය මට කතා කරා. එයා අඩමින් තමයි මට කතා කළේ. ඒ වෙලාවේදී එයා කිව්වා වෛද්‍යවරයා එයාව දුෂණය කරා කියලා. ඒක නිසා තමයි මම දිවි නසා ගන්නේ. එයාව බේර ගන්න එපා කියල තමා එයා අන්තිමට කිව්වේ".
කෙසේ වෙතත් අප කළ විමසීමකදී වෛද්‍යවරයා ප්‍රකාශ කළේ එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.