තලවකැලේ තේ වතු යායකදී බඹර ප්රහාරයකට ලක්වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ලිඳුල රෝහලේ ප්රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම යුවළ තම එළවළු කොටුවේ සිටියදී අද දහවල් 12 ට පමණ බඹර ප්රහාරය එල්ලවී තිබෙනවා.
මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙක්.
එළවළු කොටුව අසල ගසක තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සීමෙන් තමන්ට පහරදුන් බව රෝහල්ගතව ප්රතිකාර ලබන කාන්තාව ප්රකාශකර තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
ඡායාරූප – මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගතිලක