Gossips

තාරකා ඉබ්බන් මැලේසියාවට රැගෙන යාමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

තාරකා ඉබ්බන් 304 ක් මැලේසියාවට රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් පෙට්ටි 20 ක මෙම ඉබ්බන් අසුරා තිබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34 සහ 40 වයස්වල පසුවන සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කකුළුවන් රැගෙන යන මුවාවෙන් මෙම ඉබ්බන් මැලේසියාවට රැගෙන යාමට උත්සාහ කර ඇති බවටයි විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.