Gossips

ශ්‍රීදේවි මිය යාමට විනාඩි කිහිපයකට පෙර බොලිවුඩයේ සුපිරි තාරකාව තැබූ ට්විටර් සටහන ලොවක් කළඹයි

බොලිවුඩ් සිනමාවේ සුරූපී තාරකාවක වූ ශ්‍රීදේවී මිය යාමට පෙර බොලිවුඩයේ සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වල අවධානය යොමුව තිබෙනවා.
මේ වන විට බොලිවුඩ් සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් විසින් ශ්‍රීදේවී මිය යාමට විනාඩි 20කට පෙර සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ මෙම සටනහන තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය මධ්‍ය පවසන ආකාරයට "කිසියම් අසුබ දෙයක් සිදුවීමට යන බව මට දැනෙනවා" යනුවෙන් අමිතාබ් බච්චන් සිය ට්විටර් ගිණුමේ සටහන් තිබෙනවා.
අමිතාබ් බච්චන් විසින් පලකළ මෙම සටහන සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රීදේවීගේ හදිසි අභාවයට පෙර ඒ පිළිබඳව යම් ඉඟියක් අමිතාබ් බච්චන් හට දැනී ඇති බවයි.
දශක 05ක් පමණ බොලිවුඩය වර්ණවත් කළ ශ්‍රීදේවි මිය යන විට පසුවූයේ 54 වන වියේයි.