Gossips

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා ලබන මස 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණාගේ නියෝගයකට අනුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාවනැල්ල, ගම්පොල, ගෙළි‍්‍රඔය, පොළොන්නරුව සහ තඹාල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන පිරිසක්.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.