Gossips

චීනයටත් සේනා

චීනයේ වගා භූමිවලින් ප්‍රථම වරට සේනා දළඹු විශේෂය සොයා ගෙන තිබෙනවා.
එරට යුනෑන් ප්‍රාන්තයේ පුවේර් සහ ඩිහෝන් නගර වල වගා භූමි වලින් මෙලෙස සේනා දළඹුවන් හමුවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනය කළේ.
දළඹුවා හමුවීමත් සමඟ එම සත්ත්වයා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා හදිසි පියවර ගැනීමට චීන කෘෂිකර්ම සහ ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව එහි සඳහන්.
දැනට සේනා දළඹු උවදුර පවතින ඉන්දියාව, තායිලන්තය, ඇමරිකාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් සමඟ එක්ව දළඹු විශේෂය තුරන් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව චීන කෘෂිකර්ම අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කළා.