Gossips

අලුත්ගම රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක ගැටීමෙන් පසු මෙම කාන්තාවන් දෙදෙනා ද යටකරගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 සහ 60 යන වයස්වල පසුවන අලුත්ගම – කළුවාමෝදර – සීලානන්ද මාවතේ පදිංචිකාරිනියන් දෙදෙනෙක්.