Gossips

ඕස්ට්‍රේලියාව සමග දෙවන ටෙස්ට් තරගයේ පිතිකරණ පුහුණුකරු ධුරය අවිශ්කට

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත් කර තිබෙනවා.
ඒ දැනට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලූවිස් පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත් වීම හේතුවෙන්.
ඔහු යලි කණ්ඩායමට එක්වන තුරු අවිශ්ක ගුණවර්ධන එම තනතුරට පත් කර ඇති අතර, අවිශ්ක මේ වනවිට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.