විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි අධ්යක්ෂ මණ්ඩල පත් කර තිබෙනවා.
ඒ අනුව විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ රකිත ජයවර්ධනයි.
එහි උප සභාපතිවරයා ලෙස රජිව් සෙල්වරාජ් පත් කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ.
පරමාණුක බල ශක්ති මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ දීපාල් සුමන්ත්රී ගුණරත්නයි.
තිස්ස නානායක්කාර ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, තුවාන් මොහොම රාමසාන් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙසත්, උදිත දේවසුරේන්ද්‍ර ලංකා ගල් අගුරු පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙසත් පත් කර තිබෙනවා.
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ සභාපතිවරයා ලෙස සුදත් ජයසුන්දර පත් කර ඇති අතර ඔවුන් අද පෙරවරුවේ විදුලිබල අමාත්‍ය රවී කරුණානායක අතින් පත්වීම් ලිපි ලබා ගත් බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ.
ලංකා විදුලිබල මණ්ඩලය –
සභාපති – රකිත ජයවර්ධන
උප සභාපති – රජීව් සෙල්වරාජ්
ක්‍රියාකාරි අධ්යක්ෂ – කේ.කේ. තිස්ස ජිනදාස
පරමාණුක බලශක්ති මණ්ඩලය –
සභාපති – දීපාල් සුමන්ත්රී ගුණරත්න
අධ්යක්ෂ මණ්ඩල සාමාජික – රවීන්ද්‍ර රත්නසේකර, සම්පත් චන්ද්‍රසේන,
චන්දන පෙරේරා, විදානගේ සංජීව දික්වැල්ල, මොහොමද ඩ් හිශාම් ජමාල්ඩීන්
සුනිත්‍ය බලශක්ති අධිකාරිය –
සභාපති – තුවාන් මොහොමඩ් රාමසාන් බන්ග්සා ජයා
අධ්යක්ෂ මණ්ඩල සාමාජික – ජී.ඩී.පී.කේ. සේනාරත්න, අම්බපාලි සිකුරාජපති,
උපුල් ප්‍රියන්ත ප්‍රනාන්දු, ගුණරත්න වන්නිනායක,
චින්තක උදයශාන්ත
පරමාණුක බලශක්ති නියාමන කොමිසම –
සභාපති – සමින්ද ජයසේකර
අධ්යක්ෂ මණ්ඩල සාමාජික – මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන මහතා, වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා,
තාරක වික්‍රමතුංග මහතා
ලංකා විදුලි පුද්ගලික සමාගම –
සභාපති – එස්. තිස්ස නානායක්කාර
උප සභාපති – නිව්රාන් ජෝශෆ් වීරකෝන්
ලංකා ගල් අගුරු පුද්ගලික සමාගම –
සභාපති – උදිත කලන දේවසුරේන්ද්‍ර
අධ්යක්ෂ මණ්ඩල සාමාජික – සුරේෂ් එදිරිසිංහ
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය –
සභාපති – සුදත් ජයසුන්දර
අධ්යක්ෂ මණ්ඩල සාමාජික – ප්‍රසන්න බණ්ඩාර