Gossips

මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

යාපනය – පේදුරුතුඩුව – තික්කම් ප්‍රදේශයේදී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (29) මෙලෙස ඝාතනය කර ඇත්තේ 38 හැවිරිදි කෝවිල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් තම සොහොයුරා සමඟ ඇති වූ බහින්බස්වීමක් ඝාතනයට හේතු වී ඇති බවයි පොලීසිය කියා සිටියේ.
පහරදීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.