Gossips

දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

අද (30) සහ හෙට (31) දිනයේ දී දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.