ළුණු ආනයනය කිරීමේදී කෝටා ක්‍රමයක් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට ළුණු අස්වනු නෙළන කාලය වන මාර්තු, අප්‍රේල්, මැයි මාසවලදී ළුණු ආනයනය කරන සමාගම් වෙත සීමා පැනවීමටත්, කෝටා ක්‍රමයක් හඳුන්වාදීමත් එහිදී සිදුවනු ඇති.
එමෙන්ම ඉදිරියේදී මුං ඇට, කව්පි, කුරක්කන් ඇතුලු බෝග ආනයනය සීමා කිරීමට කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළා.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට ගබඩා 220 ක් ද, පෞද්ගලික අංශයේ ගබඩා 1500 ක් ද සූදානම් කර ඇති බවද එහි සඳහන්.