Gossips

වෙනිසියුලානු විපක්ෂ නායකයාට තහංචි

වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා.
එරට නීතිපති තරෙක් විලියම් සාමි මෙම පියවර ගෙන ඇත්තේ තමන් අන්තර් වාර ජනාධිපති ලෙස විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශ හේතුවෙන්.
එමෙන්ම හුවාන් ගුවයිඩෝගේ බැංකු ගිණුම් අත්හිටුවීම සඳහා කටයුතු කරන ලෙස ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙනිසියුලානු විපක්ෂයේ හුවාන් ගුවයිඩෝ තමා අන්තර් වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට දේශපාලන අර්බුදය උත්සන්න වූ අතර, ඒ හේතුවෙන් පැන නැගුණු ජනතා විරෝධතා නිකලස් මධුරෝ රජය මගින් මර්දනය කරනු ලැබුවා.
කෙසේ වෙතත්, විපක්ෂයේ අන්තර් වාර ජනාධිපතිවරයාට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් මේ වන විට සහය පළ කර තිබෙනවා.