Gossips

යුග මෙහෙවරක් කළ කලාකරුවන්ට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි – ජනපති

විවිධ යුගයන්හි මෙරටින් බිහිවූ සියලූ කලාකරුවන්ට ශ්‍රී ලාංකේය ජාතියේ ගෞරවය හිමිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ කොළඹ – නෙළුම් පොකුණ රගහලේ අද පැවති 34 වැනි වාර්ෂික කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙලට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කලාකරුවන්ගෙන් සමාජයට ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙන හෙයින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තවදුරටත් කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම සංස්කෘතික අමාත්‍ය ධුරය සුදුසු පුද්ගලයාට ලැබී ඇති බවද එහිදී ජනාධීපතිවරයා ප්‍රකාශ කළේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ප්‍රශංසා කරමින්.