Gossips

එජාප රජය වහා ඉවත්විය යුතු බව පොදුජන පෙරමුණ කියයි

රටේ ආරක්ෂාව නොමැතිවීම සහ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති හෙයින් එක්සත් ජාතික පක්ෂ රජය වහාම ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වත්මන් ආණ්ඩුව පනවා ඇති බදු සම්බන්ධයෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළකළා.