Gossips

ඇමරිකාව හිමෙන් වැසේ – ට්‍රම්ප්ගෙන් ගෝලීය උණුසුමට ආරාධනා

උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහර හේතුවෙන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ තුනෙන් දෙකක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම පාහේ හිමෙන් වැසී ගොස් තිබෙනවා.
විශේෂයෙන් ඇමරිකානු මිඞ්වෙස්ට් ප්‍රදේශයට මෙන්ම පංච මහා විල් අසළ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 50 දක්වා අධිශීත උෂ්ණත්වයක් පවතින බවයි වාර්තාවන්නේ.
මේ නිසා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති අතර, පාසල්ද වසා දමා ඇති බව සඳහන්. මිනසෝටා, විස්කොන්සින් ඇතුලූ ඇතැම් ප්‍රදේශ අඟල් 15 ක පමණ හිම තට්ටුවකින් වැසී ඇති බව සඳහන්.
මේ අතර ඇමරිකානු අධිශීත කාලගුණය නිමා කිරීම සඳහා පැමිණෙන්නැයි, ගෝලීය උණුසුමට ආරාධනා කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් එම සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක් වී තිබෙනවා.
ඔවුන් විමසා ඇත්තේ ලෝක කාලගුණ වෙනස මෙම අධිශීත තත්ත්වයටද හේතුව බව ඇමරිකානු ජනාධිපතිවරයා නොදන්නේද යන්නයි.