Gossips

විදුලිසැර වැදී මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් වෙල්යායක

ඌරගස්මංහන්දිය කලුවලගල ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
වගා ආරක්ෂාවට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයා මියයන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි එක්දරු පියෙක්.
කෙසේවෙතත් මෙම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
ඇල්පිටිය පොලිසියයි සිද්ධිය පිළිබඳ විමර්ශණ මෙහෙයවන්නේ.