Gossips

හෙට අනුරාධපුරයට පැය 9 ක් ජලය අත්හිටුවයි

හෙට පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා පැය 09 ක කාලයක් අනුරාධපුර නගරයේ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
ඒ අනුව අනුරාධපුර නගරය, 01 වන පියවර, දෙවන පියවර, තුන්වන පියවර, යාපනය හන්දිය, කුරුන්දන්කුලම, මිහින්තලය, සාලියපුර සහ රඹෑව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.