Gossips

අම්බලන්ගොඩ වෙළඳසැලක අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක්

අම්බලන්ගොඩ කන්දෙගොඩ මන්සන්දියේ පිහිටි වෙළඳසැලක් තුල තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ හිමිකාරිය බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය කාන්තාව කන්දෙගොඩ ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි කාන්තාවක්.
වෙළඳසැල පිටුපස දොර කිසියම් අයෙකු විසින් කඩා ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.
මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
අම්බලන්ගොඩ පොලිසියයි සිද්ධිය පිළිබඳ විමර්ශණ මෙහෙයවන්නේ.