Gossips

වෙනිසියුලානු තෙල් සමාගමට ඇමරිකාවෙන් සම්බාධක

නිකලස් මධුරෝගේ පාලනයට එරෙහි නව පියවරක් ලෙස වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගමට එරෙහිව ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා.
එමගින් වෙනිසියුලාවට ඩොලර් බිලියන 11ක ආදායමක් අහිමි වන බව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ප්‍රකාශ කළා.
වෙනිසියුලානු විපක්ෂයේ හුවාන් ගුවයිඩෝ තමා අන්තර් වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට දේශපාලන අර්බුදය උත්සන්න වුණා.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එහි පැන නැගුණු ජනතා විරෝධතා මධුරෝ රජය මගින් මර්දනය කරනු ලැබුවා.
කෙසේ වෙතත්, විපක්ෂයේ අන්තර් වාර ජනාධිපතිවරයාට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් මේ වන විට සහය පළ කර තිබෙනවා.