Gossips

ලහිරු සහ දුශ්මන්ත යළි දිවයිනට

ඕස්ට්‍රේලියානු සංචාරයේදී කායික ආබාධවලට ලක්වූ වේග පන්දු යවන්නන් වන ලහිරු කුමාර සහ දුශ්මන්ත චමීර අද (29) නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනවා.
ලහිරු කුමාර වෙනුවෙන් නවක ක්‍රීඩකයෙකු සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගත්තා.
ඒ අනුව මෙරට බැඩ්මින්ටන් ජාතික ශූරයන් වූ නිලූක සහ දිනූක කරුණාරත්නගේ බාල සොහොයුරු වන චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා පිළට එක්වනු ඇති.
තවත් වේග පන්දු යවන්නෙකු වූ නුවන් ප්‍රදීප් තරඟාවලියට පෙරම කායික ආබාධයකට ලක්වූ අතර, එය ශ්‍රී ලංකා වේග පන්දු යවන බල ඇණිය දුර්වල කිරීමට තවත් හේතුවක් වුණා.
කෙසේ නමුත් කැන්බරා හිදී පෙබරවාරි 01 වනදා ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟය සඳහා චාමික කරුණාරත්න ඇතුළත් කරන්නේ ද යන්න කළමණාකාරීත්වය මෙතෙක් තීරණය කර නැහැ.
ඒ නිසා කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු බොහෝදුරට ලහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් වෙනුවට කණ්ඩායමට එක් කිරීමට ඉඩ ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.