Gossips

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය උණුසුම් වෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උණුසුම් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චීන සන්නිවේදන දැවැන්තයා වන හුවාවේ සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා.
ඇමරිකාව පවසන්නේ සමාගම ඇමරිකානු සම්බාධක වලට එරෙහිව කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ තාක්ෂණය සොරාගෙන ඇති බවයි.
විශේෂයෙන් කැනඩාවේදී අත්අඩංගුවට ගත් චීන විදුලි සංදේශ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන් වෙන්ෂු ට එරෙහිව ද ඇමරිකාව චෝදනා ගොනු කළා.
ඒ අනුව ඇය කැනඩාවේ සිට ඇමරිකා එක්සත් ජනපදයට පිටුවහල් කරනු ඇතැයි අපේක්ෂිතයි.
ඇමරිකානු චෝදනා ප්‍රතික්ෂේප කරන හුවාවේ සමාගම මෑතකදී ස්මාට් ෆෝන් නිෂ්පාදනය අතින් ඇමරිකානු ඇපල් සමාගම අභිබවා ලොව දෙවන විශාලතම විදුලි සංදේශ සැපයුම්කරු බවට පත්වුණා.