Gossips

බද්ද අඩු කළොත් කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් පහළට

ආනයනික කිරිපිටි සඳහා රජය අය කර ගනු ලබන රුපියල් 170ක බදු මුදල සංශෝධනය කරන්නේ නම්, කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් පහළ දැමීමට හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
අධික බදු අය කිරීම හේතුවෙන් කිරි පිටි කන්ටේනර් 56ක් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය සඳහන් කළේ.