Gossips

කිම් ජොං අන්, හමුවීමට ෂින්සෝ අබේ සූදානම්

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, මුහුණට මුහුණ මුණගැසී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ගොඩනගා ගැනීමට සූදානම් බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පවසනවා.
ජපාන පාර්ලිමේන්තුව මේ වසර සඳහා විවෘත කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ චීනය සමඟ සබඳතා ද නව අදියරකට පැමිණ ඇති බවයි.
ජපාන අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේ බීජිං නුවර චාරිකා කළ අතර චීන ජනාධිපති ෂී – ජින්පින් මේ වසරේදී සිය ප්‍රථම නිළ චාරිකාව සඳහා ජපානයට පැමිණෙනවා.
ඊසානදිග ආසියාකරයේ ස්ථාවර සාමය සහ සශ්‍රීකත්වය තහවුරු කිරීම සඳහා අසල්වැසියන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගන්නා බවයි ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.