Gossips

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට

ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අද පළමු වරට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ, ඊ.ටී.අයි. තැන්පත්කාරියක වන අනූෂා ජයන්ති විසින් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව මූල්‍ය වංචා චෝදනාවක් යටතේ ගොනු කර ඇති නඩුවකට අදාළවයි.
ඒ අනුව එම නඩුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැදවනු ලැබුවා.
අධිකරණය මීට පෙර කළ නියෝගයකට අනුවයි නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේ.
එහිදී ඔවුන් සිව් දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. නඩුව මාර්තු 5 වන දා යළි කැදවීමට නියමිතයි.
නඩු විභාගය පැවැත්වෙන අතරතුර ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.