Gossips

කශෝගි ඝාතනය ගැන, ජගත් සංවිධානය පරීක්ෂණ අරඹයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් අද තුර්කියට පැමිණියා.
ඔවුන් කශෝගි ඝාතනයට ලක්වූ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයට ද පිවිසීමට අපේක්ෂා කරනවා.
ඒ සඳහා ජගත් සංවිධානය, සෞදි අරාබියේ අනුමැතිය ඉල්ලා ඇති අතර, පරීක්ෂණ කණ්ඩායම සෞදි අරාබිය තුළ ද සිය මෙහෙයුම් සිදුකිරීමට නියමිතයි.