Gossips

දේශීය මත්පැන් මිල අද සිට ඉහළට

දේශීය මත්පැන් බෝතලයක මිල අද සිට රුපියල් 10කින් ඉහළ නංවා තිබෙනවා.
අදාළ සමාගම් ප්‍රකාශ කළේ මේ අනුව ඔවුන් නිෂ්පාදනය කරන සෑම මත්පැන් වර්ගයකම මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි.
රජය විසින් මත්පැන් මිල ඉහළ නංවා නොමැති අවස්ථාවක මෙලෙස මත්පැන් බෝතලයක මිල ඉහළ නැංවීම විශේෂත්වයක්.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් නිෂ්පාදන වියදම ඉහළ යාම මිල නැංවීමට හේතුවූ බවයි අදාළ සමාගම්වලින් කළ විමසීම්වලදී එහි උසස් නිළධාරීන් සඳහන් කළේ.