Gossips

දියණියන් දෙදෙනා සමඟ නිවසේ තනිවූ 25 හැවිරිදි බිරිඳට සිදුවූ අපරාධය

දරු දෙදෙනා සමඟ නිවසක තනිව සිටි තරුණ කාන්තාවකට පිහියක් පෙන්වා බිය ගන්වා ඇයව දූෂණය කර පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය 25 වැනිදා අලුයම 04ට පමණ මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වයස අවුරුදු 25 ක දෙදරු මවක් මෙලෙස දූෂණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඇයගේ සැමියා පුද්ගලික ආයතනය රියදුරෙකු ලෙස සේවය කරන අතර සිද්ධිය වූ දින සැමියා රාත්‍රී රාජකාරිය සඳහා ගොස් සිටි බව සඳහන්.
කාන්තාව සිය දියණියන් දෙදෙනා සමඟ නිවසේ සිටින අවස්ථාවේ අලුයම 04ට පමණ දොර කඩා නිවාස තුලට ඇතුල්වූ පුද්ගලයින් දෙදෙනෙකු දැලි පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර තිබෙනවා.
අදාල පුද්ගලයින් දෙදෙනා වරින් වර තමන්ව දූෂණය කළ බවත් මරණ බිය හේතුවෙන් කෑ ගැසීමක් නොකළ බවත් ඇය පොලීසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිල සුනඛයින්ද යොදා සැකකරුවන් සෙවීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අදාල කාන්තාව ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.