Gossips

විපක්ෂයේ දේශපාලනඥයින් මර්දනය කිරීමේ උත්සාහයක්- පා.ම. රෝහිත අබේගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලනඥයින් මර්දනය කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරතවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධණ චෝදනා කළා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බත්තරමුල්ල – නෙලූම්මාවත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ හඩ, නිහඩ කිරීමේ උත්සාහයක නිරතවන බවයි.
මේ අතර, පිවිතුරු හෙළ උරුමය අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවමත් සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.