පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදුන් විකෘති කරන ලද හඬපට ඇතුළත් සංයුක්ත තැටියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත භාර දුන්නා.
ඒ, විකෘති කරන ලද දුරකතන සංවාද ඇතුලත් හඬපට ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කළ බවට පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
මෙහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ මෙම හඬ පට ඇතුළත් සංයුක්ත තැටිය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසටයි.
ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 25 වනදා යලි කැදවනු ඇති.