Gossips

වතු කම්කරුවන් අදත් පාරට බහී

තම දෛනික මුලික වැටුප රුපියල් දහසක් අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10 ට ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබෙනවා.
වතු කම්කරුවන්ට රුපියල් දහසක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වී රුපියල් 700 ක මූලික වැටුපක් පමණක් ලබා දී තමන්ව මුලා කළ බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.
නව වැටුප් වැඩි කිරිම අනුව මීට ඉහත තමන්ට ගෙවූ රුපියල් 140 ක දිරි ගැන්විමේ දිමනාව ද අහිමි වූ බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.
කළු කොඩි අතැතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් උද්ඝෝෂනය කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අත්සන් කිරිමට වතුකරයේ දේශපාලඥයින් කටයුතු නොකල යුතු බවයි.