රටේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ මෙරට ඡන්දදායකයින් අතරට එක්ව සිටින ලක්ෂ 17 ක පිරිස බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළියේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය ඔක්තෝම්බර් 26 න් පසු තමන් දේශපාලනික වශයෙන් ශක්තිමත්වී ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල තමන් සියලූදෙනා එක්ව සිදුකරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.