Gossips

යතුරුපැදි – ත්‍රිරෝද රථ අනතුර ආරක්ෂිත කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල – හීල්ඔය මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූවන් බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් දියතලාව දිසා රෝහලට ඇතුලත්කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.