Gossips

හබරන ළඳු කැළෑවක පුද්ගල මළ සිරුරක්

හබරන – ඊරිගේඔය ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී පුද්ගල මළ සිරුරක් අද (27) හමුවී තිබෙනවා.
මී වද කැඩීමට ගිය පිරිසක් මෙම මළ සිරුර දැක පොලීසිය දැනුවත් කර තිබුණා.
සිරුර අසළ තිබී ඇඳුම් කිහිපයක් සහ මත්පැන් බෝතලයක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.