සේනා දළඹු උවදුර මුගුණුවැන්න සහ ගොටුකොළ වැනි රසායන ද්‍රව්‍ය යෙදීමකින් තොරව වගා කරන පළා වර්ගවලට ද පැතිරීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ලපටි පත්‍ර අනුභව කිරීමට සේනා දළඹුවා වැඩි රුචිකත්වයක් දැක්වීම මීට හේතු වී ඇති බවයි.
එමෙන්ම, තණමල්විල – කිවුල්ආර ප්‍රදේශයේ කෙසෙල් වගාවක සිටියදී හඳුනා නොගත් දළඹු විශේෂයක් හමුවී තිබෙනවා.
සුදු පැහැති මෙම දළඹුවා කෙසෙල් පත්‍ර සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නා බවයි ගොවීන් කියා සිටියේ.
මේ අතර, සේනා දළඹු උවදුර හේතුවෙන් හානි වූ වගා බිම් සඳහා උපරිම වන්දි ලබාදීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් අනුරාධපුර – රඹෑව – සඳමල්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (27) ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න අද (27) කොත්මලේ – මැතගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයෙන් ඉල්ලා සිටියේ මෙම දළඹුවා විනාශ කරන ගොවීන්ට ත්‍යාග මුදලක් ලබාදෙන ලෙසටයි.