Gossips

පිලිපීනයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය ගණන ඉහළට

දකුණුදිග පිලිපීනයේ දේවස්ථානයකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සූලූ ප්‍රාන්තයේ ජෝලෝ දේවස්ථානය මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ අතර, පිපිරීම්වලින් තවත් හතලිස් දෙදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පළමු බෝම්බය දේවස්ථානය තුළ පිපිරී ගොස් ඇති අතර, දෙවැන්න පුපුරුවා හැර තිබුණේ එහි රථගාල තුළයි.
ප්‍රහාරය අබුසයාෆ් ත්‍රස්ත කල්ලිය මගින් එල්ල කරන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.