උතුරු ඉරාකයේ පොලිස් රථ ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්රහාර දෙකකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
උතුරු ඉරාකයේ ෂර්කට් නගරයේදී පොලිස් නිලධාරීන් රැගත් බස් රථයකට එක් බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇති අතර ඉන් තුවාල ලැබූ පිරිස් රැගෙන ඒමට යමින් සිටි තවත් රථයකට තවත් බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.