Gossips

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නව සැළැස්මක

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන මාකස් ස්ටොයිනිස් කැඳවා තිබෙනවා.
එමෙන්ම ආරම්භක පිතිකරු මැට් රෙන්ෂෝ සංචිතයෙන් මුදාහැර ඇති අතර, ඔහුට බිග්බෑෂ් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා බ්‍රිස්බෙන් හීට් පිල වෙනුවෙන් ක්‍රිඩා කිරීමට හැකිවනු ඇති.
බටහිර ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ක්‍රිඩා කරන ස්ටොයිනිස් මෙතෙක් ටෙස්ට් වරම් ලබා නොමැති ක්‍රීඩකයෙක්.
මේ අතර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ දෙවන ටෙස්ට් තරගයේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් පිත්තෙන් දස්කම් දැක්වීමට උත්සාහ දරනු ඇති බවයි.
පළමු ටෙස්ට් තරගයේදී දස්කම් දැක්වූ නිරෝෂන් දික්වැල්ල, චන්දිමාල්ගේ ප්‍රසාදයට ලක්වුණා.
ගැබා ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 40 ක ජයක් හිමිවුණා.
දෙවන තරගය පෙබරවාරි 1 වනදා කැන්බරා හිදී ආරම්භවීමට නියමිතයි.