Gossips

දහසේ වැටුප ඉල්ලා වතු කම්කරුවන් අදත් මහ මග – හැටන් – බලංගොඩ මාර්ගයත් අවහිර වෙයි

රුපියල් දහසක වැටුප් වැඩිවීම ඉල්ලා වතු කම්කරුවන් අදත් වීථි බැස උද්ඝෝෂණයක නිරතවුණා.
බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද උදෑසන සිට හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගය හරස් කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වතු හාම්පුතුන්ගේ සංගමය, වතු ඒකාබද්ධ වෘත්තිය සමිති සහ රජය ඒකාබද්ධව ප්‍රකාශයට පත් කළ වැටුප් වැටිවීම පිලිගත නොහැකි බව මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියා.
විරෝධතාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ රුපියල් දහසකට අඩු වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් කිසිදු අයුරකින් ගිවිසුම් අත්සන් නොකළ යුතු බවයි.