Gossips

විදුලිබල මණ්ඩලය පාඩු පිට බිලියන 115 ක් ණය වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයට පසුගිය වසරේ රුපියල් බිලියන 26 ක පාඩුවක් සිදුව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
මේ වසරේදී රාජ්‍ය බැංකු දෙකක් සඳහා රුපියල් බිලියන 70 ක් විදුලිබල මණ්ඩලය මගින් ගෙවීමට ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 45 ක මුදලක් ද ගෙවීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.