Gossips

නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට

මතුගම අලුත්ගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිපැන්න පොලිසියට ලැබුනු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති අතර මෙම පුද්ගලයා මීට පෙර ද නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට පත්වූ අයෙක් බව සඳහන්.
මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සහ බැරල් ඇතුලු උපකරණ ද සොයාගෙන තිබෙනවා.
සැකකරු සහ නඩු භාණ්ඩ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.