Gossips

මෝදි අද තමිල්නාඩුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක නිරතවනවා.
ඒ, මදුරෙයි හිදී රෝහලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගිවීම සඳහායි.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මෝදි තමිල්නාඩුවට පැමිණීමට පෙරම ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට විරෝධතා රැසක් එල්ලවී තිබෙනවා.
ඒ, විශේෂයෙන් පසුගියදා ඇතිවූ ගජ සුළිසුළඟින් විපතට පත්වූවන් උදෙසා ප්‍රමාණවත් සහන ලබා නොදුන් බවට චෝදනා කරමින්.
මේ නිසා ඔහුට විරෝධය පළ කරන ට්විටර් සහ ෆේස්බුක් පණිවුඩවල ප්‍රධාන උද්ධෘතයක් වී ඇත්තේ ගෝ බැක් මෝදි නැතිනම් ‘‘මෝදි ආපසු යනු’’ යන ප්‍රකාශයයි.
තමිල්නාඩුවේ ඩී.එම්.කේ. විපක්ෂය මෝදිගේ සංචාරයට එරෙහිව කළු වායු බැලූන් යැවීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇති අතර, මදුරෙයි හිදී එම්.ඩි.එම්.කේ. පක්ෂයද විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මෝදි මෙම විරෝධතා මග හරිමින් මදුරෙයි සිට චෙන්නායි දක්වා හෙලිකොප්ටර් යානයකින් ගමන් කරනු ඇති බව සඳහන්.