Gossips

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළිත් ඉන්දියාවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 13 ක් යළිත් භාරදී තිබෙනවා.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ඊයේ මෙම යාත්‍රා එරටට භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම ට්‍රෝලර් යාත්‍රා කරෙයිනගර් ශ්‍රී ලංකා නෞකා බුවනෙක ආයතනයේ කිරංචි අනුඛන්ඩයට අයත් ජැටිවල නැංගුරම් ලා තිබූ අතර, ඒවා අලූත්වැඩියා කිරීමට ඉන්දීය ඉංජිනේරුවන් පිරිසක් ද මෙරටට පැමිණ තිබුණා.