Gossips

රුපියල් බැඳුම්කර මිලදීගැනීම යළි ප්‍රකෘතිමත් වෙයි

විදේශ ආයෝජකයන් මෙරට රුපියල් බැඳුම්කර මිලදීගැනීම යළි ප්‍රකෘතිමත්වී ඇති බව මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ගතවූ සතිය තුළ විදේශ ආයෝජකයන් රුපියල් බිලියන 4.7 ක බැඳුම්කර මිලදී ගත් අතර, පසුගිය කාලය තුළ එහි අඩාලවීමක් දක්නට ලැබුණා.
ඒ, රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සීග්‍රයෙන් අවප්‍රමාණවීමත් සමඟයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කෙරුණු ඇමරිකානු ඩොලර් මිලියන 200 ක සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ප්‍රමාණවත් විදේශ ආයෝජන ලැබී නොමැති බව මහ බැංකු දත්ත මගින් හෙළිදරව් වනවා.
එහිදී ඉදිරිපත්වී ඇත්තේ ඩොලර් මිලියන 200 ක බැඳුම්කරවලින් ඩොලර් මිලියන 182 ක බැඳුම්කර සඳහා පමණයි.
මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2 ක බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.