Gossips

එංගලන්තය පරදා කොදෙව්වන්ට දැවැන්ත ජයක්

නිත්‍ය දඟ පන්දු යවන්නෙකු නොවූවද රොස්ටන් චේස් ලකුණු 60 කට කඩුලූ 8 ක් බිඳ හෙලීමත් සමඟ එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන් හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 381 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්වුණා.
මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 289 ක් ලබාගත් කොදෙව් පිල දෙවන ඉනිමේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 415 ක් ලබා පන්දුවට පහරදීම අත්හිටවනු ලැබුවා.
කෙමර් රෝච් ලකුණු 17 කට කඩුලූ 5 ක් බිඳ හෙලමින් දැක්වූ දස්කම් නිසා එංගලන්ත පිල පළමු ඉනිමේදී ලකුණු 77 කට දැවී ගිය අතර, දෙවන ඉනිමේදී ලබාගත්තේ ලකුණු 246 ක් පමණයි.
මේ අනුව තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ එකට, බින්දුවක් ලෙස කොදෙව් පිල පෙරට පැමිණියා.