Gossips

ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා ඉවත් කරගැනීමට එකඟත්වයක්

ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා ඉවත් කරගැනීම සඳහා ඇමරිකාව සමඟ පැවති සාකච්ඡාවලදී එකඟත්වයක් පළවූ බව තලේබාන් සංවිධානය පවසනවා.
තලේබාන් නියෝජිතයන් සහ ඇමරිකානු විශේෂ සාම නියෝජිත සල්මි කාලිසාඩ් ඇතුලූ කණ්ඩායමක් කටාරයේ පැවැත්වූ දින 6 ක සාකච්ඡාවෙන් අනතුරුවයි එම එකඟත්වය ප්‍රකාශ වී ඇත්තේ.
ඇමරිකාව සම්බන්ධ වූ දීර්ඝතම යුද්ධය වන ඇෆ්ගන් සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමකට අත්සන් තැබීමටද දෙපාර්ශවය එකඟවී ඇති බව සඳහන්.
විදේශ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගනු ඇත්තේ එම සාම ගිවිසුම අත්සන් තැබීමෙන් මාස 18 ක කාලයක් ඇතුළතයි.
කටාරයේ පැවති සාකච්ඡා කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගත් බව ප්‍රකාශ කළ නමුදු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වැඩිදුර අදහස් පළ කර නැහැ.